Wednesday, December 28, 2011

මම මේ කියන්න යන දේ ඔයාල හැමෝම අත්විඳලා ඇති කියල මට sure.මොකද ගොඩක් දේවල් අපි නොදැනුවත්වම අපි කරනවා.වෙන කවුරුහරි ඒ ගැන විශේෂයෙන් කිව්වම තමයි අපිටත් දැනෙන්නේ අපිත් ඒ දේ නොදැනුවත්වම කරන බව.


                 මේකට හොඳම උදහරනයක් තමයි මම දැන් මේ කියන්න යන්නේ.හිතන්නකෝ ඔයා අලුතෙන් කෙනෙක් ගැන දැනගත්ත හරි එහෙමත් නැත්නම් අලුතෙන් වචනයක් දැනගත්ත හරි එහෙමත් නැත්නම් (මට වගේ නම්) අලුත් වාහනයක් ගැන දැනගත්ත හරි,එහෙම උනාම වෙන්නේ ඒ වචනේ එහෙමත් නැත්නම් ඒ දේ හෝ ඒ වාහනේ අපේ අවට සමාජය තුල ඔය දකින්න ගන්නවා.මම හරි නම් මට උන වගේ අලුතින් වාහනයක් ගැන හරි bike එකක් ගැන හරි දැනගත්ත ගමන් එක පාරේදී වැඩිපුරත් එක්ක දකිනවා....

              විශේෂයෙන්ම මට කියන්න ඕන දේ තමයි -- " ඔබ යමක් තදින් විශ්වාස කරනවාද , ඔබේ සිතුවිල්ලම එය සත්‍යක් බවට පත් කරනු ඇත "

එක මේ විදියට පැහැදිලි කරන්න පුළුවන්.මගේම ජිවිතේ උදාහරණ වලින්.මෙව් නම් පොඩ්ඩක් විතර අමුතුයි.හැබැයි මම විශ්වාස කරනවා ඒ දේවල්.එකක් තමයි මම පොඩි කලේ ඉඳන්ම ගොඩක් අසයි නටන්න.හැබැයි මම try කරපු ගොඩක් වෙලාවට මගේ වටේ හිටපු අය කලේ මගේ කකුලෙන් ඇදපු එකමයි.මම ගොඩක් වෙලාවට හොරට තමයි practice කලෙත්.හැබැයි මම ටික කලක යනකම් හිටිය.මම සැහෙන්න විශ්වාස කළා මට නටන්න පුළුවන් කියල.ඔහොම කාලයක් යද්දී මට parties වල කට්ටිය එක්ක set වෙලා නටන්න ඉඩ ලැබුන.ඒ වගේම මට ලැබුන ප්‍රතිචාර ඒ තරම් නරකම නෑ.ඉතින් එක ගොඩක් හොඳ උදාහරණයක්‌. 

            මේ වගේම තවත් එක උදාහරණයක්‌ තමයි මම පොඩි කලේ මම ගියේ අමරසූරිය විද්‍යාලයට.ඉතින් උදේට bus එක තිබුනට හවස ඉස්කෝලේ ඇරෙන වෙලාවට ඕක කවදාවත් එන්නේ නෑ.ඉතින් අපි ගමේ ළමයි ටිකක් හැමදාම පයින් එන්න පුරුදු වෙලා හිටිය.ඉතින් ඔය එන අතරේදී සමහර දවස් වලට වහින්න වගේ අහස කළු කරනවා.අපි ඉතින් හොඳ ළමයි නේ කුඩයක් දුන්නත් ගෙදර දාල යන නිසා පොඩ්ඩක් පය ඉක්මන් කරනවා.ඒ ගොඩක් දවසට මම තනියම මට ම කියාගන්න දෙයක් තමයි "මම කවද හරි මොකක් ම හෝ හොඳ වැඩක කරලා තියනවනම් ඒ බලෙන් මම ගෙදර යනකම් වැස්ස පමා වෙන්න "
             එක විතරක් නෙවෙයි.තව ගොඩක් දේවල් තියනවා.ඒ වගේ තවත් දෙයක් තමයි මම මාත් එක්ක ඔට්ටු අල්ලන එක.එකත හරිම අපුරු දෙයක්.ඔයාලට හිතිලා නැද්ද මොකක් හරි ගැන තනියම ඔට්ටු අල්ලලා නැද්ද.මම නම ඒ දේ ගොඩක් කරනවා.තවත් සමහර වෙලාවල් තියනවා අපි මොනවා හරි වෙනුවෙන් බලන ඉන්න වෙලාවක්, සමහරවිට කොහේ හරි ගිහින් දුර bus එකක් එනකම් ඉන්නවා,may be bus එකේ seat එකක් නැතුව යනවා.මේ වගේ වෙලාවල් වලදීත් මට මේ දේ හිතිලා තියනවා.මම දන්නේ නෑ මේක කොයි තරම් දුරට හේතු සහිතද කියල.
                  තව අපි match ගහන්න යද්දී.සමහර වෙලාවට නුලෙන් දිනන්න යන වෙලාවට මම ගොඩක් ඔය වැඩේ කරනවා.මම ඒ ගැන හිතනවා.එතකොට ගොඩක් වෙලාවට ඒ දේ වෙනවා.මොකද ඒ ගැන මම විතරක්ම නෙවෙයි.ගොඩක් අය හිතනවා.නොදැනුවත්වම කරනවා.ඉතින් ඇයි හිතලම කරන්න බැරි.
           මේ දේවල් නුතන විද්‍යාවෙන් තාම සනාථ කරලා නෑ.එත් මේවා බොරු කියල ඔප්පු කරලත් නෑ.යමක් බොරු කියල හරියටම ඔප්පු නොවී තියන තාක් එක කැමති කෙනෙක්ට සත්‍යක් කියල විශවාස කරන්න පුළුවන්.ඉතින් හිතවත තීරණය ඔබ සතුයි.පොඩ්ඩක් හිතල බලන්න.තමන්ට නොදැනුවත්වම මේ දේවල් තමන් කරනවා නේද කියලා............?